ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත මෙරට කාන්තාව එන්නත ලබා ගෙන නොතිබියදී රටට ඇතුළු වූයේ කෙසේද යන්න විමර්ෂනයක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ පිළිබඳව කොවිඩ් මර්දන කමිටුවට පැමිණිලි කරන බව එම සංගමයේ විධායක අධ්යක්ෂ ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.
සෞඛ්‍යය මාර්ගෝපදේශ මාලාවට අනුව රටට ඇතුළු විය හැක්කේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින ගුවන් මගීන්ට පමණක් වන අතර එසේ තිබියදීත් අදාළ කාන්තාව නයිජීරියාවේ සිට පැමිණ මෙරටට ඇතුළුවීම ගැටළු සහගත බව එම සංගමය සඳහන් කරයි.
ඔමික්‍රෝන් කොවිඩ් වෛරසය රටට ඇතුළු වීම සහ පැතිරීම පාලනය සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් බව එම සංගමයේ නියෝජිතයෝ පවසති.