ඔක්තෝබර් 1 අළුයම 4ට රට විවෘතයි / කොන්දේසි සහිතයි

මේ අනුව  රට  විවෘත  කිරීමට  අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතින බවද ඔහු සදහන් කළා.

සෞඛ්‍යය, පොදු ප්‍රවාහන, කෘෂිකර්මය, රාජ්‍ය සේවය, පෞද්ගලික සේවය  යනාදි අංශ ඉලක්ක කර  මෙම සැලසුම් සකස් කෙරෙන බවත්  එම සැලසුම් ඉදිරියේදී ජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධ  කෙරෙනු ඇති  බවත්  ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

එසේම ජනතාවට අවශ්‍ය  කෙරෙන  දැනුවත් කිරීම් කරන ලෙස සියලු අමාත්‍යංශවලට උපදෙස්දී ඇතැයිද  යුද  හමුදාපතිවරයා පැවසුවා.

රට විවෘත කළ පසු ජනතාවට   සැලකිය යුතු කාලයක් සෞඛ්‍ය නීති  අනුගමනය කරමින් කටයුතු කිරීමට සිදුවනු ඇති  බවත්  එසේ කටයුතු නොකළහොත් යළි බරපතළ ගැටලු ඇතිවිය හැකි බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.

පුවත යවන්න