සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල වන්දනා පිරිසක් පැමිණීම සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ වන්දනාකරුවන්ට විනාඩි ගණනක් එක තැන රැදි සිටිමට සිදුවු බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා මෙම දින දෙක තුල අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණීම මෙම තත්ත්වයට බලපා තිබෙනවා.
මේ සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ වන්දනාකරුවන්ගේ දැඩි තදබදයක් හටගත් අතර එම තත්වයන් මත සමහර ස්ථානවලදි වන්දනාකරුවන්ට විනාඩි කිපයක් එක් තැන රැදි සිටිමට සිදුව තිබුණා.
වන්දනාකරුවන් පැමිනි රථ වාහනවලින් නල්ලතන්නිය රථගාල් පිරි යාමත් සමග රථ වාහන නල්ලතන්නිය සිට මෝහිණි ඇල්ල අසලත් පසු කරමින් නතර කිරිමට පියවර ගත් බවද පොලිසිය පවසනවා.
කොරෝනා අවදානම වර්ධනයවිය හැකි බැවින් වන්දනා හා විනෝද චාරිකා සීමා කරන ලෙස උපදෙස් ලබාදී තිබියදී එය නොතකා කටයුතු කිරීම වඩාත් අවදානම් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
– මනුර සුදත් සෙල්ලහේවා