ඔමික්‍රොන් පළමු බිල්ල ගනී / මුල් මරණය බ්‍රිතාන්‍යයෙන්

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් ලෝකයේ සිදුවූ පළමු මරණය වාර්තා කර තිබෙනවා.
සී එන් එන් පුවත් සේවය සදහන් කළේ බ්‍රිතාන්‍යයෙන් මෙම මරණය වාර්තා වූ බවයි.
මේ දක්වා එරටින් ඔමික්‍රොන් ආසාදිතයන් 3,000 ක් හමුව ඇති අතර වැඩි වේගයකින් ආසාදිතයන් වර්ධනය වීමක් හා රෝහල් ගත කිරීම් ප්‍රමාණයක් ද සිදුවෙමින් පවතිනවා.
දකුණු අප්‍රිකාවට වඩා වැඩි වේගයකින් බැහැර රටවල ඔමික්‍රොන් ව්‍යාප්ත වන බවට ද සාධක ලැබී තිබෙනවා.

පුවත යවන්න