ඔමික්‍රෝන් සමාජ ව්‍යාප්තිය ගැන සෙවීමට පරීක්ෂණයක්

ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය හඳුනා ගැනීම සඳහා අද සිට පරීක්ෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසයි.

එහි අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂක ආචාර්ය වෛද්‍ය චන්දිම ජිවන්දර මහතා සදහන් කළේල ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජෛව පටල සාම්පල 96 ක් ලබාගත් බවයි.

මෙම සාම්පලවලින් බොහොමයක් විදෙස් රටවලින් පැමණි පුද්ගලයින්ගේ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අදාළ පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබා ගැනීමට හැකි වනු ඇති බවයි වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සදහන් කළේ.

කොරෝනා වෛරසයේ වෙනස්විම් සිදුව ඇද්ද යන්න සෙවිම ද මෙම පරීක්ෂණයේ තවත් අරමුණකි

පුවත යවන්න