ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් පැමිණි නෞකාවක් තුල නිරෝධායනය කර තිබූ පිරිසක් අතරින් එක් අයකු මුහුදට පැන පලාගොස් ඇති බව ඩේලි මේල් වෙබ් අඩවිය පවසනවා.
සැකකරු පකිස්ථාන ජාතිකයකු බවයි එම වාර්තා පවසන්නේ.
මෙම තැනැත්තා මුහුදට පැනීමෙන් පසු පිහිනා ගොස් වෑන් රථයක නැගී පලාගිය බවටද තොරතුරු ලැබී තිබෙනවා.ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව ද අදාළ වාර්තා අනාවරණ කළා.
අදාළ නෞකාවේ රැදී සිටින අනෙක් පිරිස ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය අපේක්ෂාවෙන් පසුවන බවයි හෙලිකර ඇත්තේ.