ඩොලරයේ අගයේ සිදුවු වෙනස සමග ඖෂධවල මිල ගණන් සමානුපාතිකව යම් වෙනස්වීම් සිදුකළ යුතුව ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
ඒ සඳහා අවශ්‍ය පියවර ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ගනිමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.
“ඖෂධ ගෙන එන්න අවශ්‍ය පියවර මේ වනවිට යොදලා තියෙනවා. අපිට ඉන්දියාවෙන් ණය පහසුකමක් ලබාදීලා තියෙනවා. ඖෂධ හිඟයක් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර අරගෙන තියෙන්නේ. පුරෝකථන කරන්න පුළුවන් තව සතියයි දෙකයි තුනයි හතරයි කියලා. නමුත් එවන් තත්ත්වයක් ඇති නොවෙන්න තමා අපි කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා අනවශ්‍ය බියක්, කලබලයක් ඇති කරගන්න එපා කියලා. රටට අවශ්‍ය බෙහෙත් ටික රටේ අවශ්‍යතාවයට ඕන විදියට ගෙනල්ලා දෙන්න කටයුතු යොදලා තියෙන්නේ. ඇත්තටම ඩොලර් එකේ ප්රශ්නය නිසා ඖෂධ ආනයනය කරන පෞද්ගලික සමාගම් යම් බියක් දක්වනවා ආනයනය කරන්න. ඔවුන් සමග සාකච්ඡා කරලා මේ ප්රශ්නය විසඳලා තියෙනවා. විශේෂයෙන් ම ඊයේ දිනයේ දී ඩොලර් එකට ඉහළ අගයක් ලබාදෙන්න කටයුතු කිරීම තුළින් නැවත ඖෂධ ආනයනය කරන්න ඒ සමාගම් ඉදිරිපත් වෙලා ඉන්නවා.”
“ලෝක වෙළෙඳපොළේ පැරසිටමෝල් නිෂ්පාදන අමුද්‍රව්‍යවල මිල ගණන් ඉතාම ඉහළ ගියා. ඊයේ ඩොලරයේ සිදුවු වෙනසත් එක්ක නැවත වතාවක් ඊට සමානුපාතිකව ඖෂධවල මිල යම්කිසි වෙනසක් සිදුකරන්න වෙනවා. ඒ සඳහා මේ වනවිට රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය කටයුතු යොදාගෙන යනවා. එහෙම නැති වුණොත් එහෙම ඉස්සෙල්ලා වුණ ප්‍රශ්නේ තමා වෙන්නේ. ඖෂධවල මිල ඉහළ යයි කියන බලාපොරොත්තුවෙන් පෞද්ගලික ඖෂධ ශාලා හිමිකරුවන් ඒ ඖෂධ විකුණන්නේ නැතුව තියා ගන්නවා. ඒකෙන් කෘතිම ලෙස ඖෂධ හිඟයක් ඇති වෙන්න පුළුවන්. එය වළක්වා ගන්න අපි හැමවෙලාවේම ඩොලරයේ අගයට සාමානුපාතිකව පාලන ඖෂධවල මිල පවත්වාගෙන යන්න කටයුතු කරලා තියෙනවා. පැරසිටමෝල් නෑ කියලා විවිධ මාධ්‍ය චෝදනා කළා. හෝමාගම විවෘත කරපු ඔසුසලේ ගිහින් බලන්න පැරසිටමෝල් තියෙනවා ද නැද්ද කියලා. ඇතැම් වෙළෙඳනම් කිහිපයක් වෙළෙඳපොළට ඖෂධ නිකුත් කරන එක නවත්තලා තියෙනවා. ඒක නිසා වෙළෙඳනම් මිලදී ගත්ත අයට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එහෙම නැතුව ඖෂධයේ හිඟයක් නෑ වෙළෙඳ නම හොයන් යන්නේ නැතුව පැරසිටමෝල් කියන නමින් ඒ ඖෂධය ලබාගන්න.”