කම්කරු කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වෙයි / ජීවන් තොණ්ඩමන් ඇමති ධූරය අතහරී

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සිය ඉල්ලා අස්වීම භාරදී තිබෙනවා.

ජීවන් තොණ්ඩමන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇති බව සදහන්.

ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) සෙන්තිල් තොණ්ඩමන් පැවසුවේ, පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට පක්ෂය තීරණය කර ඇති බවයි.

ලංකා කම්කරු කොංග්‍රසය පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කළ දෙවන පාර්ශවයයි.

ඊයේ දිනයේ ජනාධිපතිවරයා සමග ද කම්කරු කොංග්‍රසය විසින් සාකච්ජාවක් පවත්වා තිබුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) ඊයේ ආණ්ඩුවෙන් ඉවත් වූ අතර පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන බව නිවේදනය කළා.

ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් සහ තවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වී ඇති අතර, ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව ක්‍රියාත්මක මහජන විරෝධතා හේතුවෙන් ඔවුන් ද ඉල්ලා අස්වී තිබෙනවා.

පුවත යවන්න