කල් ඉකුත්වන රියදුරු බලපත්‍ සදහා සහන කාලයක්

අප්‍රේල් 01 වනදා සහ සැප්තැම්බර් 30 වනදා අතර කාලය තුළදී කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර සඳහා සහනයක් ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව එම කාලය අතරතුර කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර, කල් ඉකුත්වන දිනයේ සිට තවත් මාස 6ක් සඳහා වලංගු බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පුවත යවන්න