කුමන විවේචන එල්ල වුවද තමන් නිවරදිව තීන්දු තීරණ ගත් බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.
පෞද්ගලික රූපවාහිණී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් මෛත්රීපාල සිරිසේන මහතා මේ බව ප්රකාශ කළා.
”මම ආණ්ඩුව තුළ අර්බුද රාශීයකට මුහුණදුන්න කෙනෙක්, මට කියලා අගමැති කෙනෙක් නැහැ, මට කියලා ඇමති මණ්ඩලයක් නැහැ, මට කියලා පාර්ලිමේන්තුවක් නැහැ, සමහර අය මට කියයි මම කොන්ද පන නෑ මම දුර්වලයි මිනිහා මෙහෙමයි කියලා, මගේ කොන්ද පන නැත්තම් මම 2014 රාජපක්ෂ මහත්තයලාගේ ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා මම ඒ මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ නැහැ. මට හොද පිටකොන්දක් තියෙන හින්දා තමයි මම ආවේ.”
<iframe src=”https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2Fmaithripalas%2Fvideos%2F274704061226698%2F&show_text=false&width=476&t=0″ width=”476″ height=”476″ style=”border:none;overflow:hidden” scrolling=”no” frameborder=”0″ allowfullscreen=”true” allow=”autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share” allowFullScreen=”true”></iframe>