කාදිනල් හිමියන් හෙට,රාජ්‍ය නිදහස් සැමරුම් උත්සවයට නෑ

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හෙට පැවැත්වෙන රාජ්‍ය නිදහස් සැමරුම් උත්සවයට සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධියට අදාලව නිර්දෝෂී පුද්ගලයින් තවදුරටත් රැඳවුම් භාරයේ තබාගෙන සිටීමට විරෝධය පළකරමින් එම තීරණය ගෙන ඇති බවයි කොළඹ අගරදගුරු පදවිය සදහන් කළේ.

අද පෙරවරුවේ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සිරිල් ගාමිණි පියතුමන් මේ බව අනාවරණ කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන තිබූ දේවස්ථානයේ සේවකයකු ඇතුළු 3 දෙනකු මුදා හරින ලෙසයි අධිකරණය ඊයේ නියෝග කළේ.
මෙම සේවකයන් සිද්ධියට සම්බන්ධ බවට ඇතැම් දේශපාලනඥයන් ප්‍රසිද්ධ ප්‍රකාශයන් සිදුකර තිබූ අතර ඒවා අසත්‍ය බව මේ වන විට තහවුරුව තිබෙනවා.

පුවත යවන්න