කාර්කිව් හී රුසියානු වධකාගාරවලින් ලාංකීය සිසුන් 7ක් බේරාගත්තා / යුක්‍රේන ජනපති කියයි

යුක්රේනයේ කාර්කිව් කලාපයේ දී රුසියානු හමුදා විසින් සිවිල් වැසියන් අපයෝජනයට ලක් කරන ලද වධකාගාර තුලින් ශ්‍රී ලාංකික සිසුන් හත් දෙනෙකු බේරා ගත් බව යුක්රේන ජනාධිපති විලැද්මීර් සෙලෙනේස්කි අද ප්‍රකාශ කළා.
මෙම වධකාගාරවලින් බේරාගත් පිරිස මාර්තු මාසයේ සිට එහි පහළම මාලයක රඳවා ඇති බව ඔහු හෙළිකර තිබෙනවා.
රුසියාව සමඟ දේශසීමා ආසන්නයේ පිහිටි කාර්කිව් කලාපය යුක්රේන හමුදා විසින් ගතවූ දිනවලදී යළි මුදා ගනු ලැබුවා.
යුක්රේන ජනාධිපතිවරයාට අනුවල රුසියානු හමුදා රැදී සිටි නගරවලින් සිවිල් වැසියන් අපයෝජනයට ලක් කළ වධකාගාර සොයා ගෙන තිබෙනවා.
මාර්තු මාසයේදී රුසියානු හමුදාව විසින් එම ප්‍රදේශය අල්ලා ගන්නා විට ශ්‍රී ලාංකික සිසුන් කුප්යන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ ජෛව වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටි බව ද යුක්‍රේන ජනපති දැනුම් දී තිබුණා.
කලාපය මුදා ගැනීමෙන් පසුවල මෙම පිරිස් බේරාගෙන ඔවුන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් පවතින බව ද ප්‍රකාශ කර තිබෙනවා.

පුවත යවන්න