කැනඩාවේ සස්කැච්වන් ප්‍රාන්තයේ පිහි ඇණුම් සිදුකර මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට අදාළ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් හමුවූ බව කැනඩා පොලීසිය නිවේදනය කරනවා.කැනඩාවේ සස්කැච්වන් ප්‍රාන්තයේ පිහි ඇණුම් සිදුකර මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට අදාළ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් හමුවූ බව කැනඩා පොලීසිය නිවේදනය කරනවා.
31 හැවිරිදි ඩේමියන් සැන්ඩර්සන් නම් සැකකරුගේ සිරුරයි මෙලෙස පොලීසිය සොයාගෙන ඇත්තේ. සැකකරුවන් දෙදෙනා සහෝදරයින් බවද පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා. කෙසේ වුවද අනෙක් සැකකරු වන මයිලස් සැන්ඩර්සන් මේ වන තෙක් සොයා ගැනීමට පොලීසිය සමත්ව නැහැ. ඊයේ දිනයේ දී ඔවුන් සිදුකළ පිහි ඇනුම් කිහිපයකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තුවාල ලැබූ තවත් පුද්ගලයින් 15 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. පිහිඇනුමෙන් අනතුරුව සස්කැච්වන් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ද බලධාරීන් පියවර ගත්තා.