මීට පෙර නිවේදනය කර තිබූ අයුරින් කියුබා කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් රාවුල් කැස්ත්‍රො ඉල්ලා අස්වී තිබෙනවා.
කැස්ත්‍රෝ පවුල දශක හයක් තිස්සේ කියුබා කොමියුනිස්ට් පක්ෂ නායකත්වය හොබවනු ලැබුවා.
89 වන වියෙහි පසුවන රාවුල් කැස්ත්‍රෝ ඉල්ලා අස්වෙමින් කියාසිටියේ තරුණ නායකත්වයක් සදහා තමන් ඉඩකඩ සලසා දෙන බවයි.
දින 4 ක් මුළුල්ලේ පවත්වන කොංග්රස් ඡන්ද විමසීමකින් අනතුරුව පක්ෂ නායකයා තෝරා ගැනීමට නියමිතයි.
1959 වසරේ කියුබා විප්ලවයෙන් අනතුරුව රාවුල් කැස්ත්‍රෝ හා ඔහුගේ සහෝදර ෆිදෙල් කැස්ත්‍රෝ පක්ෂ නායකත්වය හොබවා තිබෙනවා.