කුණු බිත්තර ප්‍රහාරයට මා සම්බන්ධ නෑ / ඇමති ප්‍රසන්න රණතුංග

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමට තමන්ගෙන් සම්බන්ධයක් නොමැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

තමන් එයට සම්බන්ධ බවට පළ වන වාර්තා දැඩිව ප්‍රතික්ෂේප කරන බවයි තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ.

සියලු දෙනාගේම විශේෂ අවධානයට

කලගෙඩිහෙන ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගය හෙවත් ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට එහි නායකයා පැමිණි මෝටර් රථයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට මා සම්බන්ධ බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ ව තිබේ .එය මා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස සිද්ධිය දැඩි ලෙස හෙලා දකිමි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොව ඕනෑම ස්ථානයක දේශපාලන රැස්වීමක් පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිගන්නා සහ ඊට ගරු කරන පුද්ගලයකු ලෙස මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර වගකිවයුත්තන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට දැනටමත් මා කටයුතු කර ඇති බව අවධාරණය කරමි .

– ප්‍රසන්න රණතුංග

No photo description available.

පුවත යවන්න