කුරුණෑගල, ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිත්තවැල්ගාය ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා.
ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නාරද රණසිංහ මහතා පැවසුවේ , තිත්තවැල්ගාය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු හමුවීමත් සමග එම තීරණය ගත් බවයි.
පුද්ගලයන් 70 දෙනකු පී සී ආර් පරීක්ෂාවන්ට ලක් කිරීමේ දී මෙම ආසාදිතයන් හමුව තිබුණා.
එම ප්‍රදේශයේ පවුල් 64ක පුද්ගලයින් 267 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙනවා.