කූඩාරම් කැඩූ පොලිසියේ වෑයම පරදී / ගාලුමුවදොරින් යළි කූඩාරම් ළඟාවෙයි

අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට ඉදිකර තිබූ වේදිකා සහ කූඩාරම් කිහිපයක් පොලිස් නිලධාරීන් විසින් ඉවත් කිරීමෙන් පසු ගාලු මුවදොර ගෝඨාගෝගම විරෝධතාකරුවන් කණ්ඩායමක් නව කූඩාරම් සමග අගමැති කාර්යාලය ඉදිරිපිට මයිනාගෝගම ලෙස හඳුන්වන විරෝධතා ස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ නවතම කූඩාරම් හා ආවරණ කිහිපයක්ද සහිතවයි.
මේ වන විට පෙරටත් වඩා සාර්ථකව එම ස්ථානයේ විරෝධතාවය වැඩි පිරිසකගේ දායකත්වයෙන් අරඹා තිබෙනවා.
විරෝධතාකරුවන්ගේ සටන් පාඨ අවම කිරීම සඳහා අධික ශබ්දයෙන් යුතුව පිරිත් වාදනය කිරීම තවදුරටත් අරලිය ගහ මන්දිරය තුලින් ත්‍රියාත්මකයි. (ජායාරූප – සමාජ මාධ්‍ය තුලින්)

පුද්ගලයන් 9 දෙනෙකුගේ සහ එළිමහන් රූපයක් විය හැක

පුද්ගලයන් 15 දෙනෙකුගේ, සිටගෙන සිටින සහ එළිමහනේ සිටින රූපයක් විය හැක

පුද්ගලයන් 3 දෙනෙකුගේ, වාඩි වී සිටින සහ එළිමහනේ සිටින රූපයක් විය හැකිය

පුද්ගලයන් 6 දෙනෙකුගේ, සිටගෙන සිටින සහ එළිමහනේ සිටින රූපයක් විය හැක

පුවත යවන්න