ඊයේ දිනයේදී ආසාදිතයින් 592 නෙකු හමුවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ හතලිස් තුන්දහසේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 543,385 ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනයේ 354 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලබා ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 514,234 ක් වනවා. 15,345 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. කොරෝනා මරණ 13,806 ක් සිදුව තිබෙනවා.
කොරෝනා අවදානම එලෙසින්ම පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.