කොළඹ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාවේ සැලකිය යුතු ඉහළයෑමක් පෙන්නුම් කරන බව එම රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසනවා.
මේ වන විට ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 35දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු සදහන් කළේ.
“මේ දිනවල නැවතත් රෝගීන්ගේ වැඩිවීමක් අපිට දකින්නට තියෙනවා. සාමාන්‍යයෙන් පසුගිය කාලයේ සතිදෙක තුළ අපිට රෝගීන් 5 දෙනෙක් වගේ වාර්තා වුණේ. නමුත් දවස් පහක හයක කාලය තුළ රෝගීන්ගේ වර්ධනයක් දකින්නට තිබෙනවා. මේවන විට රෝගී කුඩා දරුවන් 35ක් පමණ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ වගේම කාර්ය මණ්ඩලයේ යම්කිසි ප්‍රමාණයක් ආසාදනය වෙලා තියෙනවා. ඒ වගේම කොවිඩ් රෝගීන්ගේ යම්කිසි වැඩිවීමක් මේ දිනවල පෙන්නුම් කරනවා. ඉතින් ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරනවානම් හොඳයි. තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින්, ඒ වගේම අනවශ්‍ය ගමන්බිමන් අඩුකරලා. ඒ වගේම තෙවන මාත්‍රාව ලබාගන්නවානම් ඉතාමත් වැදගත්වෙනවා. එසේ නොවුණහොත් මේක ඉතාම දරුණු රැල්ලක් බවට පත්වීමේ හැකියාවක් තියෙනවා.”