කොරෝනා ආසාදිත මවක් දරු ප්‍රසූතියෙන් පසු ජීවිතක්ෂයට

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදුවූ තුන් වන ගැබිණි කාන්තා මරණය කුරුණෑගලින් වාර්තා විය.

කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවක් දරුවා ප්‍රසූත කිරීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් එලෙස මියගොස් ඇති බව කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා සඳහන් කරයි.

ඇය දරු ප්‍රසූතිය සඳහා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව කුරුණෑගල රෝහලට මාරුකර එවා තිබුණි.

පුවත යවන්න