කොවිඩ් ආසාදිතයන් රෝහල් ගත වීමේ ප්‍රවණතාවක් යළිත් දක්නට ලැබෙන බව කොවිඩ් 19 ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.
මේ වන විට කොවිඩ් රෝහල් එකසිය හැත්තෑ හයෙන් සියයට තිහක ධාරිතාවකට කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකාර ලබා ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
මේ වන විට දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද වැඩි වශයෙන් වාර්තා වන බවත් මෙම තත්ත්වය පාලනය කර නොගත්තහොත් යළි පෙර මෙන් අඳුරු යුගයට යා හැකි බවද වෛද්‍යවරයා කීය.
එම නිසා සියලුදෙනා සෞඛ්‍ය නීති රීති දැඩිව අනුගමනය කළ යුතු බව ඔහු අවධාරණය කළේය.