දින 2ක් තුල ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනකු කොරෝනා එන්නත් මාත්‍රාවක් ලබා ගැනීමෙන් පසු මරණයට පත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා තිබෙනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ,කොරෝනා එන්නත් හා එම මරණ අතර සෲජු සබඳතාවයක් ඇත්ද යන්න පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් සිදුකරන බවයි.
එවැන් තත්ත්වයකදී පරීක්ෂණ සිදුකරන පටිපාටියට අනුව එය සිදුකරන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.
මේ අතරින් එක් පුද්ගලයකු දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි අයෙක්.
ඔහු පෙරේරා දිනයේ එන්නත ලබාගෙන ඇති අතර අද දිනයේ දිවුලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මරණයට පත්ව තිබුණා. ඔහු විවිධ රෝගාබාධවලින් පෙළුණු අයකු බවටද සාධක ලැබී තිබෙනවා. – Daily Mirror