කොරෝනා එන්නත්කරණය තාවකාලිකව නවතී / එන්නත් සැපයුම සම්බන්ධ ගැටළුවක්

මෙරට තුල කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළේ , බදාදා මධ්‍යම රාත්‍රියේ සිට එම වැඩපිළිවෙල අත්හිටවූ බවයි.

ඇස්ට්‍රා සෙනිකා එන්නත් ලැබීමේ ප්‍රමාදය හා එහි ඉදිරි තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබුණා.

ඉන්දියාව විසින් මේ වන විටත් ඇස්ට්‍රාසෙනිකා එන්නත අපනයනය යම් මට්ටමකින් සීමා කර තිබෙනවා.
පසුගියදා අමාත්‍ය චන්න ජයසුමන මහතා සදහන් කළේ ලංකාවට ඇස්ට්‍රාසෙනිකා එන්නත සැලසුම් කළ පරිදි ලැබෙන බවට ඉන්දියාව සහතිකවී ඇති බවයි.
එහෙත් ඒ සම්බන්ධ කිසිදු සහතිකයක් මෙරටට ලැබී නොමැති බවයි අනාවරණවී ඇත්තේ.
මේ අනුව දැනට පවතින එන්නත් මාත්‍රා දෙවන අධියරේ එන්නත්කරණය වෙනුවෙන් අප්‍රේල් 19 වනදා සිට භාවිත කිරීමට නියමිතයි.

පුවත යවන්න