ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කොරෝනා නිසා අහිමිවූ කාලය වසර දෙකකින් දීර්ඝ කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්රීනි ඩයනා ගමගේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
ඒ සඳහා තුනෙන් දෙකක යෝජනාවක්ද සම්මත කළ යුතු බවයි ඇය යෝජනා කළේ.
මීට පෙර ද මෙම යෝජනාව ඇතැම් පාර්ශවයන් විසින් ඉදිරිපත් කර තිබෙනවා.
“මේක ග්ලෝබල් ක්රයිසීස් එකක්. හැමෝම එකතුවෙලා එක හා සමානව වැඩ කරලා අපි ජනාධිපතිතුමාට පිහිට වෙන්න ඕනේ. ගරු ජනාධිපතිතුමාට ඇත්තටම අවුරුදු 2ක් නැති වුණා.”
“මම මේ පාර්ලිමේන්තුවේ අද යෝජනා කරනවා පාර්ලිමේන්තුවට ගෙනල්ලා තුනෙන් දෙකක බලයක් අරගෙන එතුමාට නැවතත් මේ නැතිවුණු අවුරුදු 2ක ලබා දෙන්න ඕනේ.”
“අපේ මේ පාර්ලිමේන්තුවත් අවුරුදු දෙකකින් දීර්ඝ කරන්න ඕනේ කියලා මම යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුව තුළ.”
මීට පෙර ඉදිරිපත් වූ මෙවන් යෝජනාවකට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසුවේ , මෙවන් අත්තනෝමතික ක්රියාවක් මගින් ධූර කාලය දිගු කර ගැනීමකට තැත් නොකරන ලෙසයි.
එවන් තත්ත්වයකට ඉඩ නොතබන බවද ඔහු අවධාරණය කළා.
මෙසේ ධූර කාලය දිගු කර ගැනීමේ හැකියාවක්ද නෛතික මට්ටමකින් නොපවතින බවයි පාර්ශව රැසක්ම පෙන්වා දෙන්නේ.