කොවිඩ් -19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ඖෂධවලට අමතරව පෝෂ්‍යදායි ආහාර ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන පවසනවා.
ආසාදිත වු පුද්ගලයින් වැඩි වශයෙන් පලා වර්ග සහ පළතුරු ආහාරයට එක්කර ගතයුතු බවද ඔහු පැවසුවා.
“මේ වෛරසයට විශේෂ බෙහෙතක් නෑ. අපිට තියෙන ඒකම විසඳුම අපේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න ඒක තමයි. අපේ මානසික සෞඛ්‍ය පවා බලපානවා මේකට. උදේ, දිවා, රාත්‍රී ආහාර නොවරදවාම ගන්න. අපේ ආහාර වේලට ප්‍රධානවම තියෙන්න අවශ්‍යයි පිෂ්ඨය සහිත ආහාර. විටමින්.. ඒවා ලැබෙන්නේ එළවළු පළතුරුවලින්. විටමින් C ප්‍රතිශක්තියට ගොඩාක් වැදගත්. දවස පුරා එළවළු වර්ග 3ක්වත් ගත්ත ද කියලා බලන්න. ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. බිස්කට්, කේක් නැත්නම් පැණිරස කෑමවර්ග..මේවාවල පෝෂ්‍ය සංඝටක ගත්තොත් ගොඩාක් නරකයි. පළතුරු, කිරි, ඇට වර්ග අතරමැද ගන්න පුළුවන්.”