කොරෝනා වසංගතය හේතුවෙන් ලංකාවේ රැකියා අහිමි වී ඇත්තේ 12000 ක පිරිසකගේ පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
සේවකයන්ගේ අවම වේතනය(සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් කම්කරු අමාත්‍යවරයා පැවසුවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා අහිමි වූ බවට කරණ ප්‍රකාශ අසත්‍ය බවයි.
කම්කරු අමාත්‍යංශය සංගණනයක් කර මෙම දත්ත හෙළිකරගත් බවයි ඔහු සදහන් කළේ.