බේකරි නිෂ්පාදනවල මිල ඉහළගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන්කේ ජයවර්ධන මහතා පැවසුවේ පාන් හැර අනෙකුත් සියලුම ඛේකරි නිෂ්පාදනවල මිල මෙලෙස ඉහළ දමා ඇති බවයි.
ඒ අනුව ඛේකරි නිෂ්පාදන රුපියල් 5ත් 10ත් අතර මිලකින් ඉහළගොස් ඇති බවයි ඛේකරි හිමියන් පවසන්නේ.
කෙසේවෙතත් පාන් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි ඛේකරි හිමියන්ගේ සංගමය සදහන් කළේ.