ගතවූ දිනයේ වැඩිම ආසාදිතයන් කොළඹින්

ගතවූ පැය 24 තුළත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

ඒ ආසාදිතයින් 828ක්.

ඉන් වැඩිම සංඛ්‍යාවක් පාදුක්ක ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 88ක් බව සදහන්.

මීට අමතරව ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 544ක්, කුරුණෑගල 255ක් මාතර 224ක්, කළුතර 140ක්, මහනුවර 124 ක්, ගාල්ල 117ක්, අම්පාර 114 ක්, මඩකලපුව 110ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 109ක් වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 202,357ක්.

ඒ අතරින් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 166,132ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, තවත් රෝගීන් 34,529 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

පුවත යවන්න