ගාසා ආධාර වැඩි කරන්න – කමලා ඉල්ලයි

කුසගින්නෙන් පෙළෙන ගාසා තීරයේ ජනතාවට ආධාර වැඩිකළ යුතු බව ඇමෙරිකා උප ජනාධිපති කමලා හැරිස් පවසනවා.

ඉදිරි සති 6 සඳහා වහාම සටන් විරාමයක් තිබිය යුතු බවයි ඇය අවධාරණය කරන්නේ.

එය ප්‍රාණ ඇපකරු ප්‍රශ්නයට ද විසඳුමක් වනු ඇති බව ඇය පවසනවා.

ඊජිප්තුවේ පැවති සටන් විරාම සාකච්ඡාවලට ඊශ්‍රායලය සහභාගි වූයේ නැහැ.

ඒ දැනට ජිවත්ව සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ ලැයිස්තුවක් ලබානොදෙන බවට හමාස් සංවිධානයට චෝදනා කරමිනුයි.

මේ අතර අදාළ සාකච්ඡා සදහා හමාස් කණ්ඩායමකුත් ඇමෙරිකාවේ හා කටාර් හි මැදිහත්කරුවනුත් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණ සිටිනවා.

සටන් විරාමයක් සදහා වන බලපෑම දැඩි වී ඇත්තේ පසුගිය දා ආධාර ගැනීමට රැස්ව සිටි පලස්තීන වැසියන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයත් සමගයි.

පුවත යවන්න