ගෑස් සිලින්ඩරවල සංයුතිය පිළිබද මතුව ඇති තත්ත්වය සහ පුපුරායාම් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණා.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා.
“පසුගිය දිනවල විශාල ගෑස් හිඟයක් රටේ මතු වුණා. පසුව ජනතාවට දරාගත නොහැකි මට්ටමින් ආණ්ඩුව ගෑස් මිල ඉහළ නැංගුවා. ගෑස් හිගයට පිළියම් ලබා දී ජනතාවට සහන ලබාදෙනවා වෙනුවට අද ගෑස් ටැංකි වල සංයුතිය සම්බන්ධයෙන් ගැටලූ මතුවී තිබෙනවා. ගෑස් සිලින්ඩරය ඉක්මනින් අවසන් වන බවට ජනතාව චෝදනා නගනවා. අනිත් පැත්තෙන් රටේ තැන තැන ගෑස් සිලින්ඩර පුපුරා යනවා.
ප්‍රමිතියෙන් තොර ඉවත්කල ගෑස් සිලින්ඩර යළි පුරවා ඇති බවත්, ඒවායේ සංයුතිය වෙනස් කර ඇති බවටත් අපට තොරතුරු වාර්තා වනවා. මේ ආන්දෝලනයට තුඩුදුන් ලිට්රෝ සමාගම මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රජයේ ආයතනයක්. මේ සම්බන්ධයෙන් රජය තවමත් කිසිඳු පියවරක් ගෙන නැහැ.
අපේ රටේ ජනතාවගෙන් සියයට හතළිහක් පමණ ගෑස් පරිභෝජනය කරනවා. අද මේ ගෑස් සිලින්ඩරයක් ගන්නවා කියන්නේ නිවසට බෝම්බයක් ගන්නා වගේ වැඩක් වෙලා.මේ නිසා අද ඒ ජනතාව සියලු දෙනා අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා තියෙනවා