ලිට්‍රො සමාගම විසින් මෙරටට ආනයනය කරන ලද නෞකාවේ ගෑස් ගොඩබෑම අත්හිටුවන ලෙස පාරිභෝගික අධිකාරිය අදාළ සමාගමට උපදෙස් ලබාදී තිබේ.
එම සමාගම විසින් පසුගිය සෙනසුරාදා ගෑස් මෙට්‍රික්ටොන් 3,700ක් සහිත නැවක් මෙරටට ආනයනය කළ අතර පාරිභෝගික අධිකාරිය, ඛනිජ තෙල් සංස්ථාන ඇතුළු කණ්ඩායම් කිහිපයක් එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළේය.
එහිදී එම ගෑස්වල පොපේන් සහ බියුටේන් සංයුතිය නියමිත ප්‍රමිතියට පවතින බවට වාර්තා විය.
එහෙත් “එතිල් මකැප්ටාන්” නමැති රසායනික ද්‍රව්‍ය නියමිත ප්‍රමිතියට නොපවතින බවට තොරතුරු අනාවරණය වී තිබේ.
එම තත්ත්වය යටතේ විශේෂ තාක්ෂණික කමිටුව ඊයේ (14) දිනයේ රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ඔවුන්ගේ නිගමන අද (15) පෙරවරුවේ ලබාදී ඇති බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.