බුස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා ගත් පුද්ගලයෙකු මියගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී තිඛෙනවා.
අද සෞඛ්‍ය ප්‍රවර්දන කාර්යංශය මගින් කැදවා තිබු මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියා.
එහිදී හේමන්ත හේරත් මහතා සදහන් කළේ අදාළ මරණයට හේතුව එන්නත ලබා ගැනීමද යන්න පිළිබද මෙතෙක් නිශ්චිතව තහවුරු කළ නොහැකි බවයි.
අදාළ පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසුව ඒ පිළිබද නිගමනයටක එළඹිය හැකි බවයි ඔහු සදහන් කළේ.
බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් පසුව පේරාදෙනිය ගිරිතලේ ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගිය බවට වාර්තා පළව තිබුණා.