පාකිස්තානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිද සහ දරු දෙදෙනා විදේශ අමාත්‍යාංශයට ගෙන්වා ඔවුන්ගේ ජිවිත සුරක්ෂිත කිරීමට දෙරට රජයයන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. ශ්‍රීලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකදීයි ඒ මහතා මේ බව සදහන් කළේ.