චන්ද්‍රිකා යළි පුටුව හදයි / ශ්‍රීලනිපයේ කොටස් එක්වන ලකුණු

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් පොදු ජන එක්සත් පෙරමුණ යළි සක්‍රිය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව වාර්තා වනවා.

සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා සහ චන්දිම වීරක්කොඩි සහ දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කලකිරී සිටින මන්ත්‍රිවරුන් මේ සඳහා සම්බන්ධ කර ගැනීමේ වෑයමක් ක්‍රියාත්මක බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.

නව ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මොන්ටේගු සරච්චන්ද්‍ර සඳහන් කළේ පොදුජන එක්සත් පෙරමුණ සක්‍රිය කිරීමෙන් අනතුරුව වත්මන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී . නවලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගමද පොදුජන එක්සත් පෙරමුණ යටතේ බිහිවන නව සන්ධානය හා සන්ධානගතවීමට නියමිත බවයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා පාර්ලිමේන්තු මන්ත්‍ කුමාර වෙල්ගම අතර සාකච්ඡා වට කිහිපයක් සිදු වී ඇති බවද වාර්තා වන අතර හිටපු ජනාධිපතිනියගේ ස්වයං චරිතාපදාන කෘතිය එළිදැක්වීමේ උත්සවය කලාකරුවන් දේශපාලකයන් විද්වතුන් හා සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමේ අරමුණද ඇය යළි සක්‍රිය දේශපාලනයට පැමිණීමේ පෙර නිමිත්තක් බවද වාර්තා වනවා.

පුවත යවන්න