නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර් වෙල්ගම මහතාගේ පක්ෂය අතර සාකච්ජා ක්‍රියාත්මක වෙමින් පවතින බව අනාවරණවී තිබෙනවා.
සමගි ජන බලවේගයට සම්බන්ධව නියෝජ්‍ය නායක ධූරයක් අපේක්ෂා කර ඒ සඳහා ප්‍රතිචාර නොමැති පසුබිමක් තුල පාඨලී චම්පික රණවක මහතා හා අනෙක් පාර්ශව අතර සාකච්ජාව ක්‍රියාත්මක බව සදහන්.
ශ්‍රීලනිපයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද මෙම සන්ධානයට එක්වීමට කැමැත්ත පළ කර ඇති අතර තවමත් අවසන් එකඟතාවයකට එළඹ නොමැති බවයි එම වාර්තාවන් පවසන්නේ.
මන්ත්‍රීවරුන්ට වැඩි පිළිගැනීමක් ලබා දෙමින් පුළුල් සන්ධානයක් ගොඩනගන බවටත් තනි පක්ෂයක් ලෙස ක්‍රියා නොකරන බවටත් සමගි ජන බලවේගය පොරොන්දු වුවද එහි ඇතැම් ක්රියාකාරීත්වයන් පිළිබද සුළු පක්ෂ කළකිරීමෙන් පසුවන බවද මෙම වාර්තාවන් අනාවරණ කළා.
ඒ අනුව සුළු පක්ෂ නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන් තම අනාගතය තීරණය කිරීම සඳහා නව සන්ධානය පිළිබද අවධානය යොමුකර ඇතැයි ද හෙළිකර තිබෙනවා.
කෙසේ වෙතත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගය මේ සඳහා දක්වන දායකත්වය පිළිබද මෙතෙක් අනාවරණ වී නැහැ.
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ද නව දේශපාලන සන්ධානයක් බිහි කිරීමට තැත් කරමින් පවතින බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.