අමෙරිකානු ජනපති ජෝ බයිඩන් ගේ පාලනය යටතේ ආරම්භ කළ චීන අමෙරිකානු පළමු වෙළඳ සාකච්ජාවේ ආරම්භක දිනයේ දී දෙරටේ නියෝජිතයන් අතර මතභේදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඇලස්කා හීදී ඇරඹී දෙදින සාකච්ජාව අරඹමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පැවසුවේ චීනය අමෙරිකාවට පමණක් නොව සමස්ථ ලෝකයටම තර්ජනයක් බවයි.
එය ආක්‍රමණශීලී මට්ටමක පවතින බවද ඔහු චීන නියෝජිත කණ්ඩායම හමුවේ අවධාරණය කළා.
උයිගර් මුස්ලිම්වරුන්ට එරෙහිව බීජිනය ජන සංහාර සිදුකරන බවත් ඊට එරෙහිව පියවර ගන්නා බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසා තිබුණේ , චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරි යැං ජිචි සහ චීන විදේශ ඇමති වැන්ග් යී ඉදිරිපිටයි.
හොංකොං, තායිවාන බලපෑම් මෙන්ම එක්සත් ජනපදයට සයිබර් ප්‍රහාර එල්ල කිරීම ද අමෙරිකානු සගයන් කෙරෙහි ආර්ථික බලහත්කාරය ද චීනය නතර කළ යුතු බව ඔහු අවධාරණය කර තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසා ඇත්තේ අමුත්තන් පිළිගැනීමේ ක්‍රමය මෙය නොවන බව අමෙරිකාව අවබෝධ කරගත යුතු බවයි.
චීනයේ අභ්‍යන්තර කටයුතුවලට අමෙරිකාව මැදිහත් වීමට චීනය තදින්ම විරුද්ධ වන අතර එවැනි මැදිහත්වීම්වලට දැඩි විරෝධය පළ කරන බවද ඔහු අවධාරණය කර තිබුණා.
එවන් අවස්ථාවකදී ප්‍රතිචාර වශයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද චීන නියෝජිතයන් ප්‍රකාශ කළා.