චීන ජනපති රුසියාවේ සංචාරයකට සූදානම්

චීන ජනාධිපති ෂී ජින් පින්ග් රුසියාවේ සංචාරයක නිරතවීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරියෙකු වන වැන්ග් යී අද දිනයේ දී රුසියාවේ විශේෂ සංචාරයක් ආරම්භ කළා. ඒ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ යුක්රේන සංචාරයට ප්‍රතිචාරයක් ලෙසයි. එමෙන්ම රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කර අනිද්දාට වසරක් සපිරෙන අතර ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ද චීන රුසියා බලධාරීන් අතර සිදුවීමට නියමිතයි. එමෙන්ම ෂී ජින් පින්ගේ රුසියා සංචාරය සිදුකෙරෙන්නේ ව්ලැඩිමීර් පුටින් සමඟ සමුළුවක් පැවැත්වීමට බව වෝල් ස්ට්‍රීට් පුවත්පත සඳහන් කරනවා. එම සමුළුව ලබන අප්‍රේල් මාසයේ දී හෝ මැයි මාසයේ මුල් භාගයේ දී පැවැත්වෙනු ඇති බවටයි අනාවැකි පලවන්නේ.

පුවත යවන්න