චීන ණය මුදල සමග රුපියල ශක්තිමත් වෙයි

පැවති අගයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද ඉහළ ගොස් තිබෙනවා.
මහ බැංකු වාර්තා පවසන්නේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 201.28ක් ලෙස සඳහන් වූ බවයි.
එහි ගැනුම් මිල රුපියල් 195.72 ක් ලෙසින් වාර්තා වී තිබුණා.
ඊයේ දිනයේ දී ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් රු 204.62 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.
චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණය මුදල මෙරටට ලැබීමත් සමග ශ්‍රී ලංකා රුපියල එලෙස අධිප්‍රමාණ වී ඇති බව සදහන්.

පුවත යවන්න