තුර්කියේ උයිගර් ජන කොටස් චීනයට එරෙහි විරෝධතාවයක් ආරම්භ කර ඇතැයි , යාහූ පුවත් සේවය පවසනවා.
ඒ චීනයේ උයිගර් ජන කොටස් හිංසනයට ලක් කරන බවට වන චෝදනා මතයි.
චීන විදේශ ඇමති වැන්ග් ඊ තුර්කියේ සංචාරයක නිරත වන අතරතුර මෙම විරෝධතාවය හට ගැනීම විශේෂත්වයක්.
චීනය දැවැන්ත බලයක් සහිත රටක් වුවද අනෙකුත් ආගම් හා ජාතීන්ට ගරු කිරීමට අසමත්ව ඇති බවට මෙහිදී චෝදනා නගා තිබෙනවා.
කෙසේ වෙතත් උයිගර් ජන කොටස් පිළිබද චෝදනා පදනම් විරහිත බවයි චීනය අවධාරණය කරන්නේ.