ටිබෙටයේ 11වන පන්චන් ලාමාවරයා චීනය විසින් රදවා ගැනීමට එරෙහිව ප්රංශයේ විරෝධතාවයක් සිදුකර තිබෙනවා.
1995 දී ළාමාවරයකුගේ පුනුරුත්පත්තියක් ලෙස හඳුනාගැනීමෙන් පසු චිනය විසින් මෙම ළාමාවරයා පැහැරගෙන ගොස් තිබුණා.
ඒ පවුලේ සාමාජිකයන්ද සමගයි.
මේ වන විට චීනයේ රදවා සිටින ඔහු දළෙයි ළාමාතුමන්ගෙන් පසු මීළග ළාමාවරයා බවට පත් කිරීමට චීනය අපේක්ෂා කරන බවද විරෝධතාකරුවන් පවසනවා.
ඒ ටිබෙටයේ චීන විරෝධය වැළැක්වීමට බවයි විරෝධතාකරුවන් චෝදනා කළේ.