ෂීජියෑන් හී සිදුවන මානව හිමිකම් කඩ කිරීම් වසන් කිරීම සඳහා චීනය සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කරන බවට නවතම වාර්තාවක් මගින් චෝදනා කර තිබෙනවා.
ඔස්ටේ්රලියානු උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනය පැවසුවේ , චීනයේ තානාපති කාර්යාල හා පුද්ගලයන් විසින් බහුල වශයෙන් ෆේස් බුක් හා ට්විටර් ගිණුම් තුල මෙම සටහන් යෙදීම සිදුකරමින් පවතින බවයි.
ඒ අනුව 2020 වසරේදී චීන තානාපති කාර්යාලවල සමාජ මාධ්‍ය ගිණුම් මගින් මාසිකව පණිවිඩ 500 ක් නිකුත් කරන මට්ටමක් දක්වා මෙය වර්ධනයවී ඇති බවයි හෙළිකර ඇත්තේ.
එය 2019 වසරේදී මාසිකව 280 ක මට්ටමේ පැවත තිබුණා.
ඒ අනුව හානිකර ප්‍රකාශ පිළිබද ප්‍රතිචාර දැක්වීම සදහා කමෙන්ටු පළ කිරීමේ මෙහෙයුමක්ද මේ යටතේ සිදුවන බවයි අදාළ වාර්තාව පවසන්නේ.