චීනයට එරෙහිව ලොව ප්‍රබල රටවල් 3 ක් නව ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සූදානම් වනවා.
නව ආරක්ෂක ගිවිසුම ඖකස් ලෙස නම් කර තිබෙනවා. අමෙරිකාව , බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව ඒකාබද්ධව මෙම විශේෂ ආරක්ෂක ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. ඉන්දු – පැසිෆික් කලාපය තුළ චීනයේ නැගී සිටීම සහ එරට හමුදා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙම රටවල් 3 දැඩි අවධානයෙන් පසුවීම නව සැළැස්මට හේතු වී තිබෙනවා. නව සම්මුතියට අනුව ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක කළ හැකි නව සබ්මැරීන නිෂ්පාදනය කිරීමට අවස්ථාව උදාවනු ඇති බවයි පැවසෙන්නේ. එමගින් කෘතිම බුද්ධිය , සයිබර් අවකාශය සහ නව තාක්ෂණය ආවරණය වන පරිදි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ද හැකියාව පවතිනවා. ප්‍රකාශයට පත් කළ නව ආරක්ෂක ගිවිසුම චීනයට අනතුරු ඇගවීමේ උත්සාහයක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.