චීනයේ ඔමික්‍රෝන් සමාජගත වෙයි

චීනයේ පළාත් කිහිපයකින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හමුවී ඇතැයි තහවුරු කර තිබෙනවා.
ඒ අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජගතවී පවතින බවයි චීනය සදහන් කළේ.
ශීත සෘතු ඔලිම්පික් උළෙල ඇරඹීමට සතියක් පමණ තිබියදී මෙසේ ආසාදිතයන් වාර්තාවීම බරපතල තත්ත්වයක් ලෙස සලකන බවයි චීන මාධ්‍ය වාර්තාවන් පවසන්නේ.
එරට පළමුව ඔමික්‍රෝන් ආසාදිතයින් හමු වූයේ ටියැන්ජින් නම් වරාය නගරයෙන් වන අතර මේ වනවිට හෙනන් පළාතෙන් ද ආසාදිතයින් හමුවී තිබෙනවා.
ටියැන්ජින් නගරයෙන් ඔමික්‍රෝන් ආසාදිතයින් හමුවීමෙන් අනතුරුව එම නගරයේ වෙසෙන 1.4ක් වූ මුළු ජනගහණය ම වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට බලධාරීන් කටයුතු කළා.
සති අන්තයේ එම නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 40 දෙනෙක් හඳුනාගෙන ඇති අතර ඉන් 24 දෙනෙක් ළමුන් යවනවා.

පුවත යවන්න