චීනයේ හැසිරීම අමෙරිකානු නව ජනපතිගේ අවධානයට / ඉන්දීය මාධ්‍ය කියයි

අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් දකුණු චීන මුහුදට යොමුකිරීම අමෙරිකානු නව ජනපතිවරයා විසින් චීනය පරීක්ෂාවට ලක් කිරීමක් බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසනවා.
එම පුවත්පතේ ලිපියක් මගින් පෙන්වා දෙන්නේ පසුගිය සති කිහිපය තුල තායිවානය මුල් කරගත් චීනයේ හැසිරීම නිරීක්ෂණය කිරීම සඳහා මෙම යුධ නැව් දකුණු චීන මුහුදට ළගාවන බවයි.
පසුගිය දිනවල අඛණ්ඩව චීනයේ ප්‍රහාරක ගුවන් යානා තායිවානයට ඉහළින් පියාසර කර තිබුණා.
එය තර්ජනාත්මක හැසිරීමක් ලෙසයි අමෙරිකාව ඇතුළු බටහිර රටවල් පෙන්වා දී තිබුණේ.
ඒ අනුව යම් ඉදිරි පියවරක් සඳහා චීනය යොමුවන්නේ දැයි අවධානය යොමුකරමින් චීනයේ හැසිරීම හදුනා ගැනීමට අමෙරිකාවේ නව ජනපතිවරයා උත්සාහ දරමින් සිටින බවද මෙම වාර්තාවේ දැක්වෙනවා.
කෙසේ වෙතත් තම මුහුදු කලාපය ආක්‍රමණය කරන ඕනෑම පාර්ශවයකට එරෙහිව උපරිම පියවර ගැනීමට පසුබට නොවන බවයි චීනය අවධාරණය කළේ.
ඒ සඳහා ගැලපෙන මිසයිල තමන් සතු බවද චීනය අවධාරණය කර තිබුණා.

පුවත යවන්න