ජනතා විරෝධයකට කාදිනල් හිමියන් එක්වෙයි

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට එරෙහිව පවත්වන ලද සාමකාමී විරෝධතාවයකට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද එක්වී තිබෙනවා.

ජනතාවට සහාය දැක්වීම සඳහා පූජකවරුන්, කන්‍යා සොහොයුරියන් සහ ක්‍රිස්තියානි සංවිධාන කිහිපයක් මේ සඳහා එක්ව සිටියා.

විරෝධතා පාගමන අතරතුර විරෝධතාකරුවන් විරෝධතා පුවරු සහ ජාතික ධජය ප්‍රදර්ශනය කර තිබෙනවා.

පුවත යවන්න