ජනතාව පෝලිම්වල ලතවෙද්දී දේශපාලකයන්ට අඩුමිලට ඉන්ධන ?

ඉන්ධන පිරවුම්හල් තුල ජනතාව ඉන්ධන ලබාගත නොහැකිව ලතවෙන තත්ත්වයක් තුල නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් දේශපාලනඥයන්ට ඉන්ධන ලබාදීම පිළිබද විරෝධතා මතුව තිබෙනවා.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 338 කට අලෙවි කරමින් තිබියදී හා මිලදී ගැනීමට ඉන්ධන නොමැති තත්ත්වයක් තුල පෝලිම්වල රැදි නොසිට නිවෙස් බලා යන ලෙසයි බලශක්ති අමාත්‍යවරයා ජනතාවට දැනුම්දී තිබුණේ.
කෙසේ වෙතත් පොලිස් ඉන්ධන පිරවුම්හල තුලින් දේශපාලනඥයන් වෙත ඉන්ධන නිකුත් කරනු ලබන්නේ රුපියල් 121 ශත 19ක මුදලකට බවයි නවතම වාර්තා තුලින් හෙළිවී ඇත්තේ.
ජනතාව දැඩිව පීඩාවට පත්ව සිටියදී දේශපාලනඥයන් සිය වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට මෙසේ තැත් කිරීම නින්දිත වන අතර එය සමාජයේ දේශපාලකයන් පිළිබද පවතින අප්‍රසාදය ඉහළයාමට නිසැකව බලපාන බවයි පෙන්වා දී ඇත්තේ.

පුවත යවන්න