වත්මන් ජනාධිපතිවරයා යටතේ කිසිදු තනතුරක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.
ෆොන්සේකා මහතා පවසන්නේ, අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමග යැවිමේ උත්සාහය තරයේ හෙළා දකින බවයි.
සමස්ත ශ්‍රී ලාංකිය ජාතියම සාමකාමී අරගයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමග තමන් ද කොන්දේසි විරහිතව සිට ගන්නා බව ෆොන්සේකා පවසයි.
ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසන්නේ, තමන් කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ෂ අර්බුදය විසඳීමේ කොටස්කරුවෙකු නොවන බවයි.