Skip to content
ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 87වැනි වියෙහි පසුවිය.
1936 වසරේ අප්‍රේල් මස 10 වැනිදා මොරටුව, සුදුවැල්ල ප්‍රදේශයේදී උපත ලැබූ ක්‍රිස්ටෝපර් පෝල් ශාන්ත අධ්‍යාපනය ලැබුවේ සෙබස්තියන් විදුහලේය.
1955 වසරේදී එවකට සංගීත ලොවේ ප්‍රවීණයෙකු වූ සුනිල් ශාන්තයන්ගෙන් සංගීතය හැදෑරූ පෝල් 1958 වසරේදී “පේනා විලේ මැද ඕලු මලේ” නමැති සිය ප්‍රථම ගීතය ගැයුවේ ඔහුගේ සහෝදරිය වූ බර්නඩේත් පෝල් සමගය.
ඉන් අනතුරුව බටහිර තනු අලලා නිර්මාණය වූ ගී රැසක් ගයමින් ජන හදවත් තුළ මතකයේ රැඳනෙ ගායන ශිල්පියෙකු වීමට ක්‍රිස්ටෝපර් පෝල් සමත් විය.
වතුර නාලා තෙත කොණ්ඩේ කඩා, රුවන් තොරන් තනා, ඇල දොළ ගංඟා යාවි ගලා, රාමා සීතා ඔබයි මමයි, රෝස මලක් දුටුවම, පෙම් ලෝකේ පුරා, මැණික මැණික මැණික, සුවිසල් මැඳුරක, විශ්වාසය නිදන් කෙරු සිතක් බිඳුණු පසු, සැමදාම මේ වෙලාවේ, රන් කිරුළේ, මේ කටුරොද ගම්මානේ හිනැහෙන්න හැමදාම වැනි අතිශය ජනප්‍රිය ගීත රැසකට ක්‍රිස්ටෝපර් පෝල් සිය හඬෙන් දායකත්වය ලබා දුන්නේය.