මේ වසරේ පළමු මාසය තුළ අලුතින් ලියාපදිංචි කර ඇත්තේ ත්රිරෝද රථ තුනක් ඇතුළු වාහන එක්දහස් නවසිය හැට අටක් පමණක් බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ගතවූ ජනවාරි මාසයේදී මෝටර් රථ 183ත්, යතුරුපැදි 395ක්, බස් 85ක්, ද්විත්ව කාර්ය වාහන 18 ක්, ලොරි 146 ක්, ප්රයිම් මූවර් 17ක්, ඉඩම් වාහන 511ක්, ඇතුළු තවත් ඛාණ්ඩ කිහිපයක් යටතේ වාහන 1968 ක් ලියාපදිංචි කර ඇත.
වාහන ආනයනය නැවතී තිබීම හේතුවෙන් නව වාහන ලියාපදිංචි කිරීමද විශාල වශයෙන් පහත වැටී ඇති බවත් පසුගිය 2021 වසරේදීම ලියාපදිංචි වී ඇත්තේ නව වාහන තිස්තුන් දහස් අටසිය පනහක් පමණක් බවත් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් ‘සතිඅග අරුණ,’ට පැවසීය.
2019 වසරේදී නව වාහන තුන්ලක්ෂ හැටහත් දහස් තුන්සිය තුනකුත්, 2020 වසරේදී නව වාහන දෙලක්ෂ දෙදහස් හයසිය විසි අටකුත් ලියාපදිංචි වී තිබෙන බවද මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දේ. – අරුණ