ජලාශවල ජල මට්ටම් අඛණ්ඩව පහළට / ජල විදුලි නිෂ්පාදනයට බාධා

ජල විදුලි බලාගාරය ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා එල්ල වන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

දැනට පවතින දැඩි නියඟය හේතුවෙන් ජලාශවල ජල මට්ටම පහත බැස ඇති බවයි ඔවුන් පවසන්නේ. 

ඒ අනුව කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර 13.41 දක්වා පහත බැස ඇති අතර මෙම ඉතිරි ජල මට්ටමෙන් නිපදවිය හැකි විදුලි පරිමාව 15.7 GW/පැය ප්‍රමාණයක් බවයි හෙළිකර ඇත්තේ.

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ද පිටාර මට්ටමේ සිට මීටර් 12.84 ක් දක්වා අවම වෙමින් පවතින අතර, සමනලවැව ජලාශයේ ජල මට්ටම වාන් මට්ටමේ සිට මීටර 23.24 දක්වා ශීඝ්‍රයෙන් පහළ යමින් තිබෙනවා.

රටේ පානීය ජල අවශ්‍යතාවයට සහ කෘෂිකාර්මික කටයුතුවලට ප්‍රමුඛත්වය දිය යුතු බැවින් ජල විදුලි නිෂ්පාදනයට තවදුරටත් බාධා එල්ලවන බවයි හෙළිකර ඇත්තේ.

පුවත යවන්න